Colombo Today Local News

රන්ජන් ගේ හඬපට යලි කරළියට – අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පදිංචි මාදිවෙල මන්ත්‍රි නිල නිවෙසේ තිබී අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයා භාවිත කළ හඬපට සිද්ධියට අදාළ ලැප්ටොප් පරිගණක දෙකක් හා ජංගම දුරකථනයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබාගැනීමට ඉදිරි දිනකදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (28)දින නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත දැන්වුවා.

කොළඹ අපරාධ කොට්ඨාසය නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව කියා සිටියේ ඊයේ අධිකරණය හමුවේ එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් එකී විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට අවශ්‍ය පියවර ගන්නා බවද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි නිල නිවෙසේ තිබී අත්අඩංගුවට ගත් හඬ පට රැසක් මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවා තිබුණා.

Related posts

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහළට

colombotoday

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

සුරාබදු ලොක්කෙක් රටින් පැනීමේ සූදානමක?

Admin

ගෝලීය වසංගතයයෙන් රට මුදවා ගැනීම සදහා දේශපාලන බේදයකින් තොරව සියලුම දෙනා එකතුවෙමු!

colombotoday

රජයේ සේවකයන්ට වාහන බලපත් යළිත් දෙනවා… වසර 10කට එකයි. ජීවිත කාලෙටම දෙකයි

colombotoday