Colombo Today Local News

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

යාපනයේ ප්‍රසිද්ධ පාසලක පැවැති නිවාසාන්තර ක්‍රීඩා උළෙලකදී එක් නිවාසයක් තනා තිබුණේ ඊළාම් සිතියමේ අනුරුවකට අනුවය.

අධ්‍යාපන බලධාරීන් ඇතුළු බොහෝ දෙනකු මේ නිවාසාන්තර උළෙලට සහභාගි වුවත් මේ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී නොතිබිණි.

මේ ආකාරයේ සිතියමක් විදුලි බුබුළුවලින් ආලෝක කොට යාපනයේ කෝවිලක පෙරහරේ රැගෙන යෑම නිසා කෝවිලේ ප්‍රධාන භාරකාර පූසාරිවරයා ඇතුළු දස දෙනකුට එරෙහිව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් යාපනය අධිකරණයේ නඩු පවරා තිබේ.

නමුත් යාපනයේ පාසලක සිසුන් විසින් ඊළාම් සිතියමක ආකාරයට ඔවුන්ගේ නිවාසය තැනීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් එල්ල වී නොමැත.

Related posts

ශ්‍රී ලංකාවේ දිනයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙයි. සාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

colombotoday

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

මෙරට ඉඩම් මැනීම ඇමරිකානු සමාගමකට.. රජයේ මිනින්දෝරුවෝ සේවයෙන් ඉවතට..

colombotoday

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

colombotoday

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

colombotoday