Colombo Today Local News

මෙවර අලුත්ම ඡන්ද 947,606ක්

ජනාධිපතිවරණයක් සඳහා සිය පළමු ඡන්දය භාවිත කරන අලුත් ඡන්ද 947,606ක් මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කිරීමට සුදුකම් ලබා තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්දහිමි නාමලේඛනය භාවිත කරන අතර, ඒ අනුව ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 15,992,096කි.

2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ඡන්ද 947,606 සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇත.  ඒ අනුව 2015 වසරින් පසුව මෙවර (2019) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා පළමුවරට ඡන්දය භාවිත කරන නව ඡන්දදායකයන් 947,606ක් එකතු වී ඇත.

ඒ අනුව 2015 වසරේදී ඡන්ද 37,6715ක්, 2016දී ඡන්ද 190,765ක්, 2017දී ඡන්ද 148,897ක් සහ 2018 වසරේදී ඡන්ද 231,229ක් අලුතින් එකතු වී තිබේ.

 මෙවර ජනාධිපතිවරණය සඳහා සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව 15,992,096 කි.

Related posts

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

colombotoday

‘සදා ලෝක පූජිත සංගක්කාරගම‘ ට සජිත්, සංගා අතින් මුල්ගල තැබේ…

colombotoday

උත්සව සමයේ අඩු මිලට දෙන්න සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනයට පියවර

colombotoday