Colombo Today Local News

මෙරට හමුදාවන් ලගවත් නැති වර්ගයේ බෝම්බයක් කුලියාපිටිය මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ළග… ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය කරයි…

කුලියාපිටිය ප‍්‍රදේශයේ තිබී මෙරට හමුදාවන් අත නොවූ පුද්ගල නාශක බෝම්බයක් ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කොට තිබෙනවා.

කුලියාපිටිය නාරම්මල  ප‍්‍රදේශයේ නිවසක් තැනීමට බරිගොඩ පල්ලිය අසල මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් යැයි කියන වැලි පොලකින් ලබාගත් වැලි, පෙදරේරුවන් විසින් පිරිපහදුවට ලක්කිරීමේදී යම් සැක සහිත උපකරණයක් හමුව තිබෙන අතර ඔවුන් ආරක්ෂක අංශ වෙත දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශ විසින් එය බෝමබයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව, මහජනතාවද ඒ අසළින් ඉවත්කර දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ බෝම්බය පුපුරුවා හැරීමට කටයුතු කර ඇත..

ඇතැම් විට අදාළ නිවස තනමින් සිටි පෙදරේරුවන් විසින් එම නොහදුනන උපකරණය නොසළකා හැරියේ නම් සිදුවිය හැකි විනාශය පිළිබදව සිතාගත නොහැකි බව ප‍්‍රදේශවාසීහු සඳහන් කරයි.
    
අදාළ මුස්ලිම් වැලි සැපයුම්කරු නාරම්මල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් ඒ පිළිබද ප‍්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට සිතාසි

colombotoday

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

colombotoday

ජනපති වැය 300%කින් ඉහළට, අධ්‍යාපනයට වෙන්කළ මුදල් 57.6% කපලා.. එන අයවැයත් පචවැලක්

colombotoday

රට ගිය බදියුදීන් ආපසු එයි…

colombotoday