Colombo Today Local News

මීළග ජනපති ගැන වෙල්ගමගෙන් ඉගියක්..

ලබන වසරේදීත් ජනපතිවරණය ජය ගන්නේ ජාතික ඇඳුම අඳින පුද්ගලයෙක් බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

කළුතරදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මහජනතාව වැඩි ප්‍රමාණයක් ඉන්න පක්ෂය තමයි පොහොට්ටුව. ඒ නිසා පොහොට්ටුවට වැඩි බලයක් හා වැඩි කැමැත්තක් තියෙයි. පොහොට්ටුව තනිවම ඉල්ලුවත් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් අපි ජාතික මැතිවරණයකට යනකොට අපි එකතු වුණොත් වාසිය වැඩියි.

මේ ආණ්ඩුව තියන්නේ නෑ පළාත් සභාව. මම ඒක පැහැදිලිවම කියනවා. මේ ආණ්ඩුව පළාත් සභාව තියන්න බයයි.  පළාත් සභාව තිබ්බොත් මේ ආණ්ඩුව අන්ත පරාජයකට ලක්වෙනවා. ඔවුන්ගේ ඉලක්කය ජනාධිපතිවරණ්‍ය. ලබන ගමනත් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මගේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා. මට වෙන රාජපක්ෂවරු නෑ. ලියාගන්න ලබන ගමනත් ජාතික ඇඳුම අඳින කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ කියලා මම  ප්‍රත්‍යක්ෂව කියනවා. ආවට පස්සේ බලන්න පුළුවන් කෙරුවාව කොහොමද කියලා.”

Related posts

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

colombotoday

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

colombotoday

රතන හිමි බැලීමට ඥානසාර හිමි දළදා මාලිගයට. හෙට දහවල් 12 වෙනතුරු ආණ්ඩුවට කල් දෙයි

colombotoday

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

කපා කොටා ඝාතනය කළ කතකගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday