Colombo Today Local News

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප‍්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27  දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටින සැකකරුවන් 15 දෙනෙකු මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර ඔවුන් සියලූ දෙනා නැවත සැප්තැම්බර් 12 වැනිදා මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් යොමු කරන ලෙසද නියෝග නිකුත් කරනු ලැබිය.

මෙම නඩුව සඳහා මාවනැල්ල අධිකරණය වෙත සැකකරුවන් 13 ක් ඉදිරිපත් කර අතර පසුගිය ජුනි 03 වැනිදා නඩුව පැවැති අවස්ථාවේ තවත් සැකකරුවෙක් මාවනැල්ල පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කි‍්‍රයා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් වන මාවනැල්ලේ දනාගම පදිංචි එකම නිවසේ අයියා සහ මල්ලි වන මොහොමඞ් ඉබ‍්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක් සහ මොහොමඞ් සාදික් අබ්දුල්ලා යන සැකකරුවන් සමග මාවනැල්ල පෞද්ගලික බැංකුවකින් මුදල් ගණු දෙනු කිරිමේ වරද සම්බන්ධයෙන් එම සැකකරු ඉදිරිපත් කර බවයි.

ඔහු මුදල් ගණූ දෙනු කරන ලැබ පෞද්ගලික බැංකුව හරහා ලබා ගත් එම වාර්තාවන්ද අධිකරණ නියෝග මත මාවනැල්ල පොලිසියෙන් ලබා ගෙන මාවනැල්ල පොලිසියේ උප පොලිස් පරික්ෂක රණසිංහ මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. ඔහුද නැවත 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත විය.එම සැකකරු අලූත් නුවර, හිගුල ප‍්‍රදේශයේ පදිංචි අවිවාහක අවුරුදු 24 ක් වන හස්බුල්ලා ඛාන් හම්දි අහමඞ් නම් වෙති.

නඩුව පැවැති අද (13)  බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ සැකකරුවන් බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන පැමිණි අතර එම දිනයේ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවද යොදවා තිබුණි.

Related posts

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

colombotoday

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එකම කාන්තාව

colombotoday

රන් මිල අදත් ඉහළට

Admin

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

මේක පට්ට සංගණනයක්! ජිමික් එකක් වූ ආණ්ඩුවේ රිලා නාඩගම

colombotoday