Colombo Today Local News

මහින්දට එරෙහිව රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ගොනු කළ ඇපෑල විභාග කිරිම සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා හා එම මන්ත්‍රීවරුන් වෙනුවෙන්ති පෙලී සිටි නීතිඥවරුන් මෝසම් දෙකක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඇපෑල් හෙට (14දා) විභාගයට ගැනීමට නියමිතය. එක්සත් ජාතික් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් පැවැසුවේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙත්, කැබිනට් මණ්ඩලය එම ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

පෙත්සම් විභාග කරන තෙක් අභියාචනාධිකරණය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙත්, කැබිනට් මණ්ඩලය එම ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා දෙකක් ඉදිරිපත් කෙරිණ.

අද ඉදිරිපත් වූ මෝසම්හරහා ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් ඒ වෙනුවෙන් පත්කරන ලෙසයි.

Related posts

සතුරාට නියත මරණය ගෙන එන්නෝ – ශ්‍රීලංකා යුධ හමුදා විශේෂ බළකාය (SF)

colombotoday

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණය විපක්ෂ නායක සජිත් හෙලිකරයි.

colombotoday

ලොකු ළුෑණු මිල ඉහළට

Admin

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday

නිරෝධායන නීතී උල්ලංඝනය කල ආයතන 1050කට නඩු.

colombotoday