Colombo Today Local News

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්වීය යුතුයි

මහින්ද රාජපක්ෂ මහතා දැන්වත් වහාම නම්බුකාර ලෙස ඉල්ලා අස්වී, ඔක්තෝබර් 25 වැනිදා වන විට රට තුළ පැවති තත්ත්වය යළි ස්ථාපිත කිරීමටත්, තමන්ගේ ව්‍යාජ මහ මැතිවරණ සටන් පාඨයෙන් ඉවත්වීමටත් කටයුතු යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගනු ලැබූ තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ජනාධිපතිවරයා චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව හා අයුතු ලෙස බලය පරිහරණය කළ බව  තහවුරු වී ඇතැයි කී මන්ත‍්‍රීවරයා එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්‍ෂා වූ අවස්ථාවක් බව ද සඳහන් කළේය.

රටේ ව්‍යවස්ථාවේ තිබෙන උත්තරීතර භාවය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිසහගත ජනතාව අවිහිංසාවාදීව ගෙනගිය අරගලය තහවුරු කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රණාමය හිමිවිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

පසුගිය කාලයේදී කතානායකතුමා ප‍්‍රමුඛ පාර්ලිමේන්තුව තුළින් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය ඉහළට ඔසවා තැබුණු බව කී පාඨලී චම්පිකර රණවක මහතා ලැබුණු තීන්දුව තුළින් පාර්ලිමේන්තුව තමන් අතට නතුකර ගන්නට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කළ දේශපාලනයට එරෙහි අලූත් යුගයක් උදාවනු ඇතැයි ද කීවේය.

එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලගතු දේශපාලන පරාජයක් මෙන්ම නැවත ජනාධිපති වීමට දැරූ සිහිනය බිඳ වැටීමක් බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

අභියාචනාධිකරණයෙන් පළමු පරාජයත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙවන පරාජයත් ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය ජනතා අධිකරණයෙන් තුන් වන පරාජයත් ලබනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Related posts

ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී බේරුවල රතු කලාපයේ ගැබිණියක් දරුවකු බිහිකරයි – කොරෝනා ආසාධිත බවත් තහවුරුයි

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් විනිසුරු පද්මන් සුරසේන ඉවත් වෙයි

colombotoday

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

Admin

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

Admin

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday