Colombo Today Local News

මත් කුඩු උවදුර අතුගා දැමිය හැකි එකම පුද්ගලයා ගෝඨාභයයි !

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ ඊයේ  පැවති ජනරැලියකට එක්වෙමින්.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ මොරටුවේදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය.

“අද හැමතැනම කුඩු කාරයෝ. කේරල ගංජා, අයිස්..එක එක විදිහේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් පවතිනවා. අම්මලා හදපු දරුවෝ අද වල්මත් වෙනවා. ඇයි මේ? හමුදාව දුර්වල කළා..නාවික හමුදාව දුර්වල කළා..

කේරළෙන් හැමතැනින්ම අද ලංකාව මත්ද්‍රව්‍ය තිප්පොලක් බවට පත් වෙලා. මධූෂ් ඇල්ලු පළියට කුඩු අඩු වෙලා නෑ.  පිටරටින් එන ගංජා නවත්තන්න අපි ත්‍රිවිධ හමුදාව, තාක්ෂණීකරණය කරලා සීරුවෙන් තියනවා.

කුඩු සංස්කෘතිය අපි සම්පූර්ණයෙන්ම අතුගා දානවා. ඒක කරන්න පුළුවන් ගෝඨාභයට විතරයි.”

Related posts

දුම්රිය ව්‍යාපෘතියෙන් කප්පම් ඉල්ලූ ඇමති මෙන්න – ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරු සියල්ල හෙළි කරයි..

colombotoday

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

colombotoday

මහින්ද හා බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

ජාතික ලැයිස්තුවට සුදුසුම කෙනා මමයි

Admin

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

ගංගා තුනක් පිටාර මට්ටමේ… අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

colombotoday