Colombo Today Local News

මගේ අමාත්‍යාංශය කෑලි හයකට කඩලා.. දේශපාලන ගේම් !

නිවාස විෂය කොටස් 6කට කඩා ඇති බවත් එම විෂයන් එක්විය යුතු බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“ඕනම පුද්ගලයෙකුට, පෙරපාසල් දරුවෙකුට පවා තේරෙනවා නිවාස කියන විෂය තියෙන්නට ඕන එක අමාත්‍යාංශයක් යටතේ.

එක අමාත්‍යාංශයක් යටතේ තිබිය යුතු විෂය හයකට කැඩෙන කොට ජනතාව දිශාවන් 6කට දුවන්න ඕන.

නගරේ නිවාස වලට එක දිශාවකට දුවනවා. උතුරු නැගෙනහිර නිවාසවලට තව දිශාවකට, ආපදා නිවාසවලට තව දිශාවකට, ධිවර නිවාසවලට තව දිශාවකට, කඳුරට වතු නිවාසවලට තවත් දිශාවකට, ග්‍රාමීය නිවාසවලට අපේ අමාත්‍යාංශය වග කියනවා.

ඇයි මේක සිද්ධවුණේ, දේශපාලන ගේම් ගැසීම නිසා. පුද්ගලික ආශාවන් සංසිඳුවන්නට ගිහිල්ලා, නිවාස ලක්ෂය, දශ ලක්ෂය, පහලොස් ලක්ෂය වැනි නිවාස යෝජනා කරපු නිර්මාණය කරපු අමාත්‍යාංශය කෑලි කෑලි වලට කැඩුවා.

එදා කඩපු අමාත්‍යා‘ශය එසේමයි. දැන් මේ කැලි හය එකතු වෙන්නෙත් නෑ. රට පැත්තෙන්, ජනතාව පැත්තෙන් බැලුවත් එකතුවිය යුතුයි.”

Related posts

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

colombotoday

ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් නම් සරසවි ගමන සිහිනයක්‌මයි !

colombotoday

හෙරොයින් හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

සමහර කියනව මට කොණ්ද පණ නැතිලු.. ඒකාධිපතියෙක් බිහිවෙන්න කිසි දිනක ඉඩ තියන්නෑ…

colombotoday