Colombo Today Local News

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකුට ලබාදීමට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය හෙරොයින් ග‍්‍රෑම් 5කට ආසන්න ප‍්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 3 කට ආසන්න ප‍්‍රමාණයක් රැගෙනවිත් තිබූ බවයි වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පවසයි.

බෙහෙත් ආලේපනයක ඉතා සූක්‍ෂම ලෙස සගවා මෙම මත්ද්‍රව්‍ය සිරකරුවෙකුට ලබාදීමටයි එම කාන්තාව උත්සාහ කර ඇත. පසුව ඇය බොරැල්ල පොලීසියට භාරදී තිබේ.

වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක් වන මෙම කාන්තාවද හෙරොයින් පානයට ඇබ්බැහි වූ තැනැත්තියක් බවයි පොලීසිය පැවසයි. ඇය මීට පෙර බන්ධනාගාරගත වූ තැනැත්තියක් බවද විමර්ශනවලදි අනාවරණ වී තිබේ. ඇය අද (03)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

“ඇමති මණ්ඩලේ බාගෙකට බැස්සුව නිසා, නොගැළපෙන විෂයනුත් දෙන්න වෙනවා“ විද්‍යාත්මක ඇමති බෙදිල්ල ගැන SF විග්‍රහය

colombotoday

සැකකරු පොලිස් ජිප් රථයෙන් පලා යයි – පීසිගේ වැඩ තහනම්

Admin

වයස 14 සිසුවාට හදි කළ පොහොට්ටු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට….

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

colombotoday

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

“මුස්ලිම් ජනතාව අතරට දැන් අපි කොහොමද යන්නේ ?” – මුස්ලිම් කොන්ග්‍රස් ලේකම් නිසාම් කාරියප්පර් දුක කියයි

colombotoday