Colombo Today Local News

“පොහොට්ටුව කරපු වැඩේ සදාචාරසම්පන්න නෑ. පොහොට්ටුව එක්ක දැන් මොනවා සාකච්ඡා කරන්නද?” – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇතැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.

සමුළුවක් සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතියක් වුවද පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකොට මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා පත් යැවීම සදාචාරසම්පන්න නොවන්නේ යැයි ද ඔහු කීය.

සිය පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා පක්ෂය පාවා දීම ලංකාවේ දේශපාලනයේ අනන්‍ය ලක්ෂණයක් යැයි කී හෙතෙම බඩගෝස්තරවාදයට වැටුණු දේශපාලකයන් සම්බන්ධයෙන් ඊළඟ මහමැතිවරණයේදී ජනතාව තීරණයක් ගනු ඇතැයි ද අවධාරණය කර කීය.

එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා යන දේශපාලකයන් ශ්‍රී.ල.නි.පය නියෝජනය කළ ද දිගින් දිගටම කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වමින් යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.

කවරෙකු පක්ෂය පාවා දුන්නත් පක්ෂ සංවිධායකවරුන් 160 ක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1100 ක් සමග කොඳු ඇති විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි කී මහලේකම්වරයා ඔවුන් සමග එක්ව පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයෙන් දේශපාලනය අවසන් නොවන්නේ යැයි ද ඉන් පසුවත් පක්ෂයට නායකත්වය දෙන්නට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකි යැයි ද ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මත් ජාවාරමුන් එල්ලා මැරීම ස්තීරයි… ළගදීම ක්‍රියාත්මක කරනවා – ජනපති නැවතත් කියයි

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

රජයේ පාලන මිල අවලංගුයි ! දේශීය හාල් කිලෝවක මිල රු 120ත් පනී

colombotoday

අලි සබ්‍රිට පාදඩකම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔහු බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු. සබ්‍රි ගේ හෙළුව එළිකරනවා. මැඩිල්ලේ හිමි

colombotoday

නෙත් පුවත් වෙබ් අඩවි වෙත පිවිසීම SLT සහ මොබිටෙල් අවහිර කරලා

colombotoday

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday