Colombo Today Local News

පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් නිසා HIV වැඩිවීමේ ප්‍රවණතාවක්

සමාජ මාධ්‍ය ජාල හරහා පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් නිරීක්ෂණය වීම නිසා ඉදිරියේදී මෙරට HIV ආසාදිතයන් වැඩවීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය.

​කොවිඩ් වසංගතය හමුවේ බොහෝ පිරිස් මේ දිනවල නිවසේම කාලය ගත කිරීම හේතුවෙන් ඇතැම් තරුණ පිරිස් සමාජ මාධ්‍ය ජාල පරිශීලනය කිරීම වැඩි වී ඇත.

එමගින් තරුණ පිරිස් බොහෝමයක් ලිංගික සේවාවන් සලසා ගැනීමට පිරිමි ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි නැඹුරු වී ඇති බව නිරීක්ෂණවලදී පෙනී ගොස් තිබෙන බව වෛද්‍යවරිය පැවසුවාය.

එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම වංසගතය නිසා කාන්තා ලිංගික ශ්‍රමිකයන්ගේ සොයා ගැනීම අපහසු වීම බවද ඇය පෙන්වා දුන්නාය.

HIV ආසාදිතයන්ගෙන් සියයට හැටක් පිරිමි බව සමීක්ෂණයකදී හෙළි වී ඇති බවත්, ඔවුන් බොහෝමයක් අනාරක්ෂිත ලෙස ලිංගිකව හැසිරෙන බැවින් ඉදිරි කාලය එම ආසාදිතයන්ගේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවාය.

ඉන්දික ශ්‍රී අරවින්ද

Related posts

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම හෙළිදරව්ව

colombotoday

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයි

Admin

මෙච්චර හොද දේවල් කරන අපට ඇයි පොල් ගහන්නෙ – ඇමති ජෝන් අසයි

colombotoday

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

colombotoday

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin