Colombo Today Local News

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

පසුගිය පාස්කු ඉරිදා (අපේ‍්‍රල් මස 21 දා) මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාරයෙන් දැඩි හානියට පත් වූ මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර යළි පිළිසකර කිරීමෙන් අනතුරුව ආසිරි ගන්වා යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කිරීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඊයේ (21 දා) සිදුකරනු ලැබීය.

 බෝම්බයට ගොදුරුවී මියගිය බැතිමතුන්ගේ දූ දරුවන්, ඥාති හිතමිතුරන් සහ ප‍්‍රහාරයෙන් ආබාධ වී ප‍්‍රතිකාර ලබන බැතිමත්හු පිරිසක් රෝද පුටුවලින් පැමිණ එම අවස්ථාවට සහභාගි වූහ. දෙව් මැඳුර පිළිසකර කිරීම යුද හමුදා නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුවිය.

 මෙහිදී දෙව්මැඳුර ආසිරි ගැන්වීමෙන් අනතුරුව පැවැති දේශනයේදී අගරදගුරුතුමා මෙසේ පැවසීය.

 මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය මුස්ලිම් ජනතාව විසින් කළ දෙයක් නොවේ. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්. කුමන්ත‍්‍රණකරුවන් මෙම ප‍්‍රහාරයට අන්තවාදී අදහස් දරන මුස්ලිම් තරුණ පිරිසක් යොදා ගත්තා. මම මුස්ලිම් දෙමවුපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ තම දූ දරුවන් අන්තවාදී සංවිධානවලින් පුද්ගලයන්ගෙන් ආරක්‍ෂා කරගෙන රටට යහපතක් සිදුකරන ලෙසටයි.

 පාස්කු ප‍්‍රහාරයට ප‍්‍රධාන වශයෙන් වගකිවයුතු වෙන්නේ රටේ පාලකයන්. මෙම ප‍්‍රහාරය පිළිබඳ රජයට කලින් තොරතුරු ලැබී තිබුණා. ඒ බව දැන දැනත් ප‍්‍රහාරය වළක්වා ගන්න පාලකයන් කිසිවක් කළේ නැහැ. ඒ නිසා රටේ අහිංසක ජනතාව සිය ගණනක් කුරිරු බෝම්බයට ගොදුරු වුණා. හරියට රට පාලනය කරන්න බැරි නායකයන්ගෙන් රටට වැඩක් නැහැ. හරියට රට කළ හැකි නායකයකුට රටේ පාලනය භාරදීලා දේශපාලකයන් ඔක්කොම ගෙදර යවන්න ඕනෑ. ලෝකයේ වැඩිපුරම යුද්ධ තියෙන්නේ මුස්ලිම් රටවලයි. ලෝකයේ යුද්ධ මෙහෙයවන්නේ ආයුධ නිෂ්පාදකයන්. ඔවුන්ගේ ආයුධ විකුණාගන්න ලෝකයේ යුද්ධ ඇති කරනවා.

 මේ දෙව්මැඳුරේ සිදුවුණු බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව පල්ලිය යළි ගොඩනැගීම සඳහා හොයල බලල සහාය වූ සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමන්ට කෘතඥත්වය පුද කරනවා.

Related posts

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday

කරපු වැඩකුත් නෑ.. උමා ඔය සහන අරමුදලෙන් රු මිලියන 500ක් ඉවර වෙලා !!

colombotoday

ආරක්ෂක හමුදා සාමාජිකයන්ට වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගැනීමට “විරුසර” වරප්‍රසාද කාඩ්පත්

colombotoday

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් දිනකින් අනුමත කිරීමට ජනපති උපදෙස්

colombotoday

තොන්ඩමන් වෙනුවට ඔහුගේ පුත් ජිවන් තොන්ඩමන් පත් කරන්නැයි යෝජනාවක්

colombotoday