Colombo Today Local News

පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි

පාස්කු ප‍්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI) මගින් තමන් වෙත භාරදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවකින් ඊයේ (04) දැනුම් දුන්නේය.

ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI)  විසින් එවනු ලැබූ මම වාර්තා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ අපේක්ෂිත වාර්තාවන් බවත් ඒවාට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වනු ලබන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඉකුත් අපේ‍්‍රල් මස 21 වැනිදා කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වූ අලව්දීන් අහමඞ් මුවාත් නැමැත්තා විසින් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට දන්වා ඇත.

Related posts

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

‘ඇමතිලාගේ හොරකම් එළියේ කතා කරන එක වැරදියි.. දයාසිරි කැබිනට්ටුවේදිනම් පූසා වගේ’ – රාජිත

colombotoday

දන්නේ නැත්නම් සීයා උපදෙස් දෙන්න සූදානම්

Admin

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්වීය යුතුයි

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday

VIdeo: අද ජවිපෙ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා – මෛත්‍රි ගුණරත්න

colombotoday