Colombo Today Local News

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවන බව එහි තොරතුරු දැනගැනීමේ නිලධාරි දන්වා තිබේ.

ඉකුත් වසරේ සැසි වාර 95ක් පවත්වා ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 245 කට අධික මුදලක් වැය වී තිබේ.

මෙතරම් ජනතා මුදල් වැය කරමින් රැස්වන පාර්ලිමේන්තුව ජනතා යහපත උදෙසා බුද්ධිමය සංවාද සිදු ⁣නොකිරීම කණගාටුවට කරුණක් යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

වැය වන මුදල බැලීමේ දී ගහ බැණ ගැනීම් පමණක් සිදුවූ පසුගිය දිනඉතුනට ද රුපියල් කෝටිඅටකට ආසන්න මුදලක් වැයවන්නට ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා ජනතා මුදල් මෙසේ නාස්ති නොකීරීමට ජනතා නියෝජිතයන් සිතට ගත යුතු යැයි ද කීය.

ගහගන්නට නම් පාර්ලිමේන්තුව ට පැමිළනිය යුතු නැතැයි ද ඒ සදහා එළියේ අවශ්‍ය තරම් ඉඩකඩ ඇතැයි ද හෙතෙම සදහන් කළේය.

නීතියට සම්ප්‍රදායට අනුව යමින් සංයමයෙන් රටේ පුශ්න විසඳාගන්නට හැකි නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට එවීමට ජනතාවත් සිතට ගත යුතු යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පල කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

Related posts

මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිට

Admin

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

ලංකාවට යුද අපරාධ චෝදනා ගොනු කරන්න සංගරීගේ පුතාගේ යෝජනාව කැනඩාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්… ඊළගට කරන ඕන දේ කියයි

colombotoday

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

අගමැති ගන්නවා කි සමෘද්ධි බැංකුව හැරිසන් දෙන්න බෑ කියයි

colombotoday