Colombo Today Local News

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරුවල සිටින භික්ෂූන්වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කෙරේ !

සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින භික්ෂූන්වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කිරීම සඳහා කැබිනට් තීරණයක් ගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිරි මහා විහාර වංශාලංකාර සද්ධර්ම වාගීෂ්වරාචාර්ය ශ්‍රී සුමනතිස්ස ගෞරවය නාමය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන්වහන්සේට උපහාර දැක්වීමේ උත්සවයේදී අග්‍රාමාත්‍යරයා මේ බව සදහන් කළේ. වාද්දූව කොරොස්දූව පුරාණ වජිරකොත් මහා විහාරයේදී උත්සවය පැවැත්විණි.

අභිනව ප්‍රධාන සංඝනායක ධුරයට පත් පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වීම සිදුවූයේ ශ්‍යාමෝපාලී මහා නිකායේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි. ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අවස්ථාවට එක්විය.

Related posts

මාස 6න් හොරා කෑ ධනය ගේනවා

Admin

මරික්කාර්ට අදත් කන හරහා දීලා

colombotoday

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

දකුණු පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක්

Admin

නොවැම්බර් 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස්වෙනවා…

colombotoday

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

colombotoday