Colombo Today Local News

ප්‍රභාකරන්ගේ අපේක්ෂාව දෙමළ ජාතික සන්ධානය සුන් කලා – විග්නේශ්වරන් පවසයි

දෙමළ ජනතාවගේ ජයග්‍රාහණය උදෙසා ප්‍රභාකරන් දෙමළ පක්ෂවල එකතුකිරීමෙන් බිහිකළ දෙමළ ජාතික සන්ධානය වර්තමානයේදී දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් හා ප්‍රභාකරන්ගේ බලාපොරොත්තු සුන් කොට ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතුව බිහි කළ දෙමළ ජනතා ජාතික සන්ධානය නමැති නව සන්ධානයේ සන්ධානගත පක්ෂ ඊයේ(09) යාපනය පෞද්ගලික හෝටලයකදී සන්ධානගත ගිවිසුමට අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් හෙතෙම එලෙස පැවසුවේය..

ආදරණීය දෙමළ ජනතාවනි.ඔබලා දීර්ඝ කාලයක් බලාපොරොත්තු වු වෙනස ආරම්භ වි තිබෙනවා.උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නව සන්ධනයක් බිහි කර තිබෙනවා.  මම හමුවු සියළු ජනතාව මේ කාරණාව තමයි මගෙන් ඉල්ලීම් කරනු ලැබුවේ.ජනතාවගේ අභිලාෂය අද එළි දැක්වි තිබෙනවා.

පදවි තානාත්තර වෙනුවෙන් මගේ ආශාවක් නෑ.දෙමළ ජනතාවගේ ගැටළු විසදීම තමයි මගේ බලාපොරොත්තුව.පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයින් ජනාධිපතිවරණය වෙනුවෙන් සහයෝගය දක්වන ලෙසට ඉල්ලීම් කළා.නමුත් අපි ඒ ඉල්ලීම් ප්‍රතික්ශේප කළා.

ජනතාගේ විශ්වාසය තමයි මගේ ශක්තිය.මා විශ්වාස කළ ජනතාවට ද්‍රෝහිකම් කිරීමට මට හැකියාවක් නෑ.දෙමළ ජනතාවගේ ඉතිහාසය තමයි මගේ දේශපාලනය වෙනුවෙන් මුලික වුණේ.

නව සන්ධානය හරහා අපි ජනතාවට වගකියන පිරිසක් බිහිකිරීම අරමුණ කරනවා.නව
සන්ධානය හරහා දෙමළ ජනතාවගේ ගැටළු විසදීම තමයි අපගේ අරමුණ.

Related posts

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

colombotoday

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday

‍රනිල්ගේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ගෙනයන්න අනුර එකඟ වුනා

Admin

බෞද්ධයින් සමග ගැටුම් ඇති කරගත් මියන්මාර මුස්ලිම් අනාථයන් බෞද්ධ ලංකාවට ඒම භයානකයි..

colombotoday

සයින්දමරුදු ප්‍රදේශයට නගරසභාවක් ලබා දීම හොද වැඩක්… කලබල වෙන්න තරම් දෙයක් නෑ…

colombotoday