Colombo Today Local News

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් දිනකින් අනුමත කිරීමට ජනපති උපදෙස්

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී  පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.

එහෙයින් පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බව  ජනාධිපතිවරයා  නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග අද (06දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ  පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සැලසුම් අනුමැතිය සදහා පළාත් පාලන ආයතන වෙත බලතල ලබාදීම සහ සෙසු ආයතන කඩිනමින් ඊට අදාළ ප්‍රතිපාදන සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක්  ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. අනුකූලතා සහතිකය දිනකදී ලබාදීම අනිවාර්ය කෙරිණ.

ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය. 

සැලසුම් අනුමත කිරීමේ දී එකම නීතිය ක්‍රියාත්මක නොකොට භූ විෂමතා සැලකිල්ලට ගෙන නිර්දේශයන් ලබාදීම කෙරෙහි ද අවධානයට ගැනිණ. පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතින් රාජ්‍ය ආයතන මගින්ම සිදු කර ආයෝජන මණ්ඩලයට දැනුම්දීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමගින් විදෙස් ආයෝජකයින් දිරි ගැන්වෙන අතර, සිය ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට ද අවස්ථාව උදා වේ.

Related posts

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

මහින්දගේ දේශපාලන වයපරයත් එක්ක හැප්පෙනවා බොරු – 2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි – නිර්මාල්

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවට

colombotoday

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්.

colombotoday