Colombo Today Local News

නිව් ඩයමන්ඩ් නෞකාව යළි ඇවිලේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ යලි ගින්නක් හට ගෙන තිබේ. ඊයේ සවස වන විට එම නෞකාවේ ඇතිව තිබු ගින්න සම්පුර්ණයෙන් පාලනය කර තිබුණත් නැව රඳවා ගෙන තිබෙන සංගමන් කන්ද තුඩුවට මුහුදු සැතපුම් 30ක් ඔබ්බෙන් වූ මුහුදු තිරයේ ඇතිව තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් නෞකාව තුළ ඇති අධික රස්නය නිසා මෙලෙස යලි ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම නෞකාවේ ඇතිවී තිබෙන ගින්න වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටියි.

මේ වන විට ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් දිවයිනට යොමුකරන ලද මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 06 දෙනෙකු සහ ආපදා කළමණාකරණ විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගොස් ආපදා කළමණාකරන මෙහෙයුම් හා එක්ව සිටී. ඒ අනුව මේ වන විට එම විශේෂඥ කණ්ඩායම් වල සහභාගීත්වයද ඇතිව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 30කට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ MT New Diamond නෞකාව රඳවා ගනිමින් මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවන් 09ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් මෙම මෙහෙයුමට එක් කරන ලද ටග් යාත්‍රා 05ක් මේ වන විටද ආපදා කළමණාකරන මෙහෙයුමේ සක්‍රීයව නිරතව සිටී.

Related posts

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

Admin

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

Admin

අලි සබ්‍රිට පාදඩකම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔහු බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු. සබ්‍රි ගේ හෙළුව එළිකරනවා. මැඩිල්ලේ හිමි

colombotoday

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන බවක් අප කිවුවේ නෑ

Admin