Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට රෝහණට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් නොතීසි

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.

ලබන 31 වන දා දහවල් 01.30ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැනුම් දී ඇත.

ලලිත් ජයසිංහ මහතාගේ පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරී කේ.කේ.එස්. ගුණසේකර මහතා වෙනුවෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා අජිත් රෝහණ මහතාට මෙම කැඳවීම සිදුකර තිබේ.

මේ අතර ලබන 31 වන දා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පැමිණිලි 13ක සාක්ෂි විමසීමේ කටයුතු සිදු කෙරෙයි.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සදහා එජාප සටන ගාලුමුවදොරදී ඇරඹෙයි… සෙනග නැතිව සංවිධායකයන් අසීරුවේ…

colombotoday

විජයදාස රාජපක්ෂත් ජනපති සටනට

Admin

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

පාතාලයෙන් වෙඩි වරුසාවක්

Admin

රනිල්-සජිත්ට අද විශේෂ දවසක්

Admin

මව්බිම සුරැකි අභීත සෙන්පතියා !

colombotoday