Colombo Today Local News

නිදහසට කාරණා වැඩක් නෑ… වෙන රටකනම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ‍ෆොන්සේකා ආණ්ඩුවේ රෙදිපිළි ගලවා දමයි…

ලංකාවට එල්ල වූ ආකාරයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් වෙනත් රටකට එල්ල වූයේ නම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන බවත් නමුත් ලංකාවේ එසේ සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු නිදහසට කරුණු කීමෙන් පලක් නැති යයිද කී ඔහු සියළු දෙනා විසින් වරද බාර ගත යුතු බවත් සදහන් කලේය.

නිදහසට කරුණු කොතරම් කියූවද ඒවා පිලිගැනීමට සූදානම් නැති බවත් ජනතාවද ඒවා පිලි නොගන්නා බවත් කී මන්ත‍්‍රීවරයා ප‍්‍රහාරය හේතුවෙන් ජනතාව පහර කෑ බවත්, රට අස්ථාවර වූ බවත් නීතිය-ආරක්ෂාව නැතිව ගොස් භීෂණයක් පැමිණ තිබෙන බවත් කීය.

32 වසරක් පැවති යුද්දයේදී එක් දවසක් තුල මෙවන් ඛේදවාචකවයක් සිදු නොවූ බවත් කී මන්ත‍්‍රීවරයා අද තමන් සිටින්නේ ආණ්ඩුව පැත්තේ නොව රටේ පැත්තේ බවත් සදහන් කලේය.

රට මෙවන් තත්වයකට ඇද වැටීම ගැන වේදනාවක් තමනට ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

තමන් ෆීල්ඩ් මාෂල් වූයේ කඩල විකුණා නොවන බවද කී ඔහු තව දුරටත් කියා සිටියේ තමාගෙන් ප‍්‍රායෝජන ගන්නේ නම් වැඩ කිරීමට සූදානම් බවයි.

https://www.facebook.com/345402442745349/videos/1848203661949173/

Related posts

ඩොලර් බේරා ගන්න, ඉන්ධන සහනාධාරය ලබා දීමට නොහැකි බව කබ්රාල් කියයි

colombotoday

“ඡන්දයක් ආවොත් ආණ්ඩුවට ඇපත් නෑ.. මල් පොහොට්ටුව උඩින්ම දිනනවා“ ආචාර්ය නිර්මාල්

colombotoday

හමුදා කඳවුර ඉවතට.. මුලතිව්, කෝපාපිලව් තවත් ඉඩම් අක්කර 189ක් මුදාහැරේ !

colombotoday

යහපාලනය එළිපිටම හොරු රකිනවා.. යහපාලන සගයන්ගෙන් චෝදනා

colombotoday

අංගොඩ පොලිස් වෙඩි තැබීමක්

colombotoday

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin