Colombo Today Local News

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

සියලු පාසල් අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වී ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙනු ලැබේ.

සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසද  අවධාරණය කරන අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව  අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩිදුරටත් දන්වා සිටියි.

එසේම පැතිර යන විවිධ කටකතා සහ සාවද්‍ය තොරතුරු පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ව වඩාත් විමසිලිමත් ව හා  සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රජාව වෙත දන්වා සිටියි.

ada derana.lk

Related posts

මිලියන ගණනක් ලංකාවට පොලු තැබූ ඉන්දීය සමාගමක් නැවත වැඩ අරඹයි… උතුරු දුම්රිය මගේ ඉතිරියත් ඉන්දියාවට

colombotoday

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් අත්අඩංගුවට

colombotoday

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

colombotoday

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday