Colombo Today Local News

නාවලපිටියෙන් නාවික දුරදක්නයක්, කඩු, මන්න තොගයක් සොයාගනී…

නාවලපිටියෙන් නාවික දුරදක්න ඇතුළු උපකරණ රැසක් සොයා ගැනේ
නාවලපිටිය පොලිසිය යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව නාවලපිටිය හපුගස්තලාව කලුදැමඩ ප්‍රදේශයේ ඊයේ (09) සිදු කල මෙහෙයමුකදි උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.

ඊයේ අලුයම සිට එම ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි මෙතෙක් ආරක්ෂක අංශවලට හමු නොවු විදේශ රටක නිෂ්පාදනය කරන ලද නාවික දුර දක්නයක් , පිහි කිහිපයක් කඩු දෙකක් සහ මුස්ලිම් සංවිධානයක් විසින් පල කරන ලද බැනරයක්ද හමු වි ඇත.

එම මෙහෙයුමේදි 2019 වසරට බලපත්‍ර නොමැතිව ලග තබාගෙන සිටි පතුරම් තුවක්කුවක්ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත් විය.

පතුරම් තුවක්කුව තිබු නිවසේ කාන්තාවද සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ මෙහෙයුමේදි සොයාගත් උපකරණ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Related posts

නව එජාප මහලේකම් තලතා අතුකෝරළ?

Admin

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ආචාර්ය ජයන්ත ධනපාල ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙයි

colombotoday

පොලිසිය ජනපති යටතට… අමාත්‍යාංශ විෂය පථය සදහන් ගැසට් නිවේදනය නිකුත් වේ…

colombotoday

වසර 7ක් හරක් මස් නොතිබූ ඇඹිලිපිටියට හරක් මස් කඩයක්… භික්ෂූන් වහන්සේ විරෝධය දක්වති

colombotoday

කොල්ලුපිටිය හන්දියේ පිපිරීමක්…

colombotoday