Colombo Today Local News

දැව ජාවාරමක තොරතුරු සෙවීමට ගිය මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට කළ පහර දීම ඉතා පිළිකුල් සහගත බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු නම් කැළෑබද ප්‍රදේශයේ සිදු වී ඇතැයි පැවසෙන දැව ජාවාරමක් සම්බන්ධ තොරතුරු සෙවීමට ගිය එම මාධ්‍යවේදීන් දෙදෙනාට දැව ජාවාරම්කරුවකු ඇතුළු පිරිසක් විසින් ඊයේ (12) බරපතළ ලෙස පහර දී තිබුණි.

එලෙස පහරදීමට ලක්වී ඇත්තේ, කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසීලන් යන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනාය.

මාධ්‍යවේදී තවසීලන්ගේ දත් දෙකක් කැඩී ඇති බවත්, මාධ්‍යවේදී කුමනන්ගේ නාසය තුවාල වී ඇති බවත් වාර්තා වේ.

මාධ්‍යවේදීන් දෙදෙනා විසින් මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසියේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණිලි කර ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන් මුලතිව් මූලික රෝහලේ පස්වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත.

පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වන පසුබිමක ඒවාට ඒරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඒවා වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට දරුණු ප්‍රහාරවලට ලක්වීමට සිදු වීම ඛේදනීය තත්ත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මේ අතර මොණරාගල, කුඹුක්කන් ඔය පාලම අසල අනවසර වැලි ගොඩදැමීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ඉඳුනිල් විජේනායක ද ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වූයේ ඔක්තෝබර් 3 වැනිදාය.

මෙවැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ නොදී මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමටනම් තරාතිරිම නොතකා, අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයි

colombotoday

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

Admin

කොන්සියුලර් සේවා අද සිට සාමාන්‍ය පරිදි

colombotoday

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

අමාත්‍යාංශයට අවුරුදු දෙකයි.. රජයෙන් රුපියලක්වත් දීල නෑ – චම්පික කනගාටුවෙන්

colombotoday

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday