Colombo Today Local News

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

අධිකරණ නියෝග කඩ කිරීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රිමාන්ඞ් භාරයේ සිටි ආර්ථික කර්මාන්ත හා සමාජ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස් දෙනකු රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය ඊයේ (16 දා) සවස නියෝග කළාය.

මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් මගින් තහනම් කළ තෙබුවන ගල්කන්දගොඩ ප‍්‍රදේශයේ ඉඩමක මළ සිරුරක් වළ දමමින් අධිකරණ නියෝග කඩ කිරීම, අධිකරණයට අපහාස කිරීම, අධිකරණ නියෝගය භාරදීමට ගිය තෙබුවන පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 10 දා නියෝජ්‍ය ඇමැතිවරයා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

ඇපකරුවන්ගෙන් එක් අයකු මතුගම අධිකරණ බල ප‍්‍රදේශයේ අයකු විය යුතු බවටත් දෙසැම්බර් 10 දා නැවත නඩුව විභාගයට ගැනීමටත් මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. අධිනීතිඥ ගාමිණී නල්ලපෙරුම, සුනෙත් හපුහෙට්ටි, පුෂ්පකුමාර අමුගොඩ යන මහත්වරුන් ඇතුළු නීතිඥ පිරිසක් නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූහ.

Related posts

මැතිවරණ කොමිසමෙන් ස්වාධීන රූපවාහිනි සේවයට තහනමක්

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති ප්‍රදේශයන්ට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් දැනුම් දෙන්න

colombotoday

මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා කන්‍යාවියන් 72ක් හොයාගෙන ‘ස්වර්ගයට’ ගියාම වෙන දේ විමල් කියයි….

colombotoday

යුධ හමුදා බුද්ධි අංශයේ “ඒ එච් 94 මේජර්” බිල්ලට ගන්න NGO මාධ්‍ය මෙහෙයුමක්

colombotoday