Colombo Today Sports News

තියුණු ජයකින් සන්රයිසස් අවසන් පූර්ව තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

ඊයේ (06)දින පැවැති තරඟයෙන් ඔවුන් හමුවේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත්වුණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 131කි.

ඒ.බී ඩිවිලියස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 56කි.

පිළිතුරු වශයෙන් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්විය.

එහිදී කේන් විලියම්සන් නොදැවී ලකුණු 50ක් සහ ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 24ක් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව හයිද්‍රාබාද් කණ්ඩායම හෙට (08)දින දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතය.

එම තරඟයෙන් ජයගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.

Related posts

ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟයට එක්වන ක්‍රීඩකයින්

colombotoday

ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා

colombotoday

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday