Colombo Today Local News

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

මෙම 13 වැනිදා නාවල පංචිකාවත්ත ඇතුළු ස්තාන 05ක බෝම්බ පුපුරන්න ඇති බව තම ආරක්‍ෂක අංශ විසින් තමනට දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද විශේෂ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් කළ සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙම ප්‍රශ්නය මුළුමනින්ම විසඳීම සඳහා අවම වශයෙන් වසර දෙකක් වත් ගතවනු ඇති බවයි.

සාමාන්‍ය ලෙස හැසිරෙන්නයි කියා සිටියද තැනින් තැන බෝම්බ පිපිරීමේ අනතුරු ඇඟවීම් තමා ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති බවත් එසේ තියෙද්දි සාමාන්‍ය ලෙසින් ජීවත් වෙන්නේ කෙසේදැයි මන්ත‍්‍රීවරයා ප්‍රශ්න කළේය.

ඇමැති රාජිත සේනාරත්න විසින් ද කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා දැඩි විවේචනාත්මකව අදහස් පලේය.

Related posts

“ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න”

colombotoday

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

Admin

දැඩි උණුසුම නිසා දරුවන් එළිමහනට යවන්න එපා

Admin

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

colombotoday

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

colombotoday