Colombo Today Local News

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

අධික වැසි සමඟ හටගත් සුළං තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසක නිවාසවලට හානි සිදුව ඇති බව මන්නාරම දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 67 ක්, මන්නාරම නානට්ටන ප‍්‍රදේශයේ නිවාස 42 ක් හා මන්නාරම නගර සභා සීමාවේ නිවාස තුනකට මෙලෙස හානි සිදුව තිබේ.

එම නිවාසවල වහළ ගැලවි ගොස් ඇති අතර තවත් නිවාස මතට ගස් කඩා වැටී ඇති බවයි මන්නාරම දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මෙහිදී පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල සිදුව ඇත.

මේ අතර වවුනියාවේ ප‍්‍රදේශ කිහිපයක් හරහා හමාගිය තද සුළඟකින් ද නිවාස රැසකට හානි සිදුව තිබේ.

මේ හේතුවෙන් පවුල් 55 කට අයත් පුද්ගලයන් 156 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

Related posts

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

කොල්ලුපිටියේ අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වලට ලක්ෂ 5ක වන්දියක්

Admin

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

අදත් විදුලිය නෑ..!!

colombotoday

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday