Colombo Today Local News

තණමල්විලටත් අයිස්…

තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු තණමල්විල, ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ සිට මොණරාගල නගර වෙත පැමිණි බස් රථයකින් අදාළ සැකකරු විසින්  මෙම මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1400 ක ප්‍රමාණය රැගෙනවිත් ඇති බව සඳහන් වේ.

තණමල්විල පොලිස් බල ප්‍රදේශයෙන් අයිස් නමැති මත්ද්‍රව්‍ය සොයා ගැනුනු පළමු අවස්ථාව මෙය බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු වැල්ලවාය, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

Admin

ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට් මහනුවර වෙළදසැලකින් මතුවෙයි !

colombotoday

චාමර සම්පත්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේ

colombotoday

ශ්‍රී දළදාවට අපහාස කළ සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Admin

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday