Colombo Today Local News

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ

වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සදහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අධිකරණයට දන්වා සිටියේය.

මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බවයි.

සෙසු පෙත්සම් පිළිබඳ විභාගය පැවැත්වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.

Related posts

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

විනය පරීක්ෂණයට සුජීවගෙන් හා අජිත්ගෙන් පිළිතුරු

colombotoday

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday

සේවයට වාර්තා නොකළ හමුදාවේ 9231 ක් අත්අඩංගුවට !

colombotoday

විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කරයි.

Admin