Colombo Today Local News

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

කොවිඩ් -19 වයිරසයේ දෙවැනි රැල්ලෙන් මේ දක්වා සිදුවූ මරණ දහයෙන් හයක්ම කොළඹ ජාතික රෝහලින් වාර්තා වීමට එකම හේතුව එම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුනොකිරීම බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගියකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය පර්‌යේෂණායතනය මගින් සිදුකරන බවත්, එහි වාර්තාවන් ප්‍රමාද වී ලැබීම නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවත්ය. එම නිසා විවිධ සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත රැක ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයිද හෙතම කීවේය.

ද්විතීයික මට්ටමේ සංකූලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ හැකියාවක් තිබීම අත්‍යාවශ්‍ය බවද සභාපතිවරයා අවධාරණය කරයි. යම් හෙයකින් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ හැකියාව තිබුණා නම් මරණයට පත්වූ පුද්ගලයන් හයදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකියාව තිබූ බවද රවී කුමුදේශ් සඳහන් කළේය.

එම නිසා මේ මොහොතේදීවත් රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණයන් ආරම්භ කළ හැකි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු බවද හෙතම වැඩිදුරටත් කීවේය.

Related posts

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

විග්නේෂ්වරන් එලවන විශ්වාසභංගයට එරෙහිව අද උතුරේ හර්තාල් !

colombotoday

අම්මයි අනියම් සැමියයි ගැබිනි බිරියයි අවුරුදු 7ක දැරිය පණ පිටින් වළලලා

colombotoday

පෙම්වතියට පොටෝ යවා සරසවි සිසුවා විදුලි පංකාවේ එල්ලිලා

Admin

දිලීර වසංගත වලට විෂ පළිබෝධනාශක ගෙන්නලා | නුවරඑළිය කාබනික රහිත කලාපයක් කරයි ?

colombotoday

හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර ඉවත්වෙයි

colombotoday