Colombo Today Local News

ජනාධිපති අපේක්ෂකයා ගැන නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම ගැන විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුයි

ජනාධිපතිවරණය වෙනුවෙන් නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගතයුතු බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ඊයේ (04) ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු තෙල් නල එළීමේදී ඒ අසල ජීවත් වූ ජනතාව සම්බන්ධයෙන් ඇතිවී තිබු ගැටලුකාරී තත්ත්වයට විසදුම් ලබාදීම සදහා බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවැසියන් හමුවීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

එළඹෙන ජනාධිපතිවරණය සදහා අපි පක්ෂය තුළින් ජයග්‍රහණය කළහැකි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. තවමත් අපි ඒ පුද්ගලයා නම් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම ඒකරාශිවෙලා පොදු තීරණයක් මතින් තමයි ජනාධිපති අපේක්ෂයා නම් කරන්නේ. මේවනවිට ඉදිරිපත්වී ඇති නම් කිසිවක් පක්ෂය තුළින් කිසිසේත්ම සම්මත වෙලා නැහැ. ඒ වගේම මේ ආකාරයෙන් නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගතයුතුයි ” යැයි පැවසීය.

Related posts

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

Admin

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday

සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක්

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

ජ’පුර රෝහලට කොවිඩ් ආසාදිතව සුවවූ පුද්ගලයෙක් කළ පරිත්‍යාගය

colombotoday

කතානායක රවට්ටන කුමන්ත්‍රණයක්?

Admin