Colombo Today Local News

ජනපති නියමයෙන් අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 195 ක්

ශ‍්‍රී ලංකාවේ දුර බැහැර ප‍්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විහාරස්ථාන 46 ක් වෙනුවෙන් රුපියල් මිලියන 195 ක මුදලක් මෙහිදී පිරුනැමුණු අතර විහාරාධිපති ස්වාමින්වහන්සේලා වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත බෞද්ධ පුනරුද අරමුදල 2016 වසරේ දී ආරම්භ කෙරුණු අතර 2016 වසරේ රුපියල් මිලියන 116 ක් ද, 2017 වසරේ රුපියල් මිලියන 167 ක් ද, ඒ යටතේ ප‍්‍රදානය කර තිබේ.

බෞද්ධ පුනරුද අරමුදල යටතේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන විශාල ප‍්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහාය සහ ශ‍්‍රම දායකත්වය එම කටයුතු සඳහා ලබාදීම සිදු කෙරෙයි.

ඉඩම් පිළිබඳ ගැටලු ඇති ඇතැම් විහාරස්ථාන සඳහා පූජා ඔප්පු පිරිනැමීමෙන් එම ගැටලු නිරවුල් කිරීමට ද ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.

අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ, නැගෙනහිර පලාත හා තමන්කඩුව යන දෙපලාතේ අස්ගිරි පාර්ශ්වයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය මකුරුපේ ශී‍්‍ර ධර්මකීර්ති ඉන්ද්‍රජෝති පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

Related posts

ගමේ මිනිස්සු තවමත් ඉන්නේ මහින්ද එක්කයි… ශ්‍රිලනිපයේ බහුතරය තවමත් මහින්දටයි – ලාල්කාන්ත

colombotoday

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday

ලංකාවේ සිට එංගලන්තයේ පරිගණක පද්ධති නවත්තපු හැකර්

colombotoday

ඇරියස් වාහන බලෙන් උස්සන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin