Colombo Today Local News

ජනපති අපේක්ෂකයා නම් කිරීමට ප්‍රථමව මෛත්‍රී – මහින්ද රහසේ සාකච්ඡාවක.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේදී පවත්වා ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා පමණක් සහභාගී වූ මෙම හමුවේදී සාකච්චා වූ කරුණු කිසිවක් මෙතෙක් හෙළි කර නොමැති බවයි සදහන් වන්නේ.

එළැඹෙන 11 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට පෙරාතුව මෙම හමුව සිදුව ඇති අතර, පැයකට වැඩි කාලයක් දෙදෙනා අතර සාකච්චාව පවත්වා තිබේ.

මේ සම්බන්ධයෙන් නිදහස් පක්ෂ සාමාජිකයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක්, ජනපති මෛත්‍රී හා පක්ෂ සාමාජිකයින් අතර හමුවක් අද (06) සවස් කාලයේදී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එ.ජා.ප යට විරෝධීව ගොඩ නගන බවයි නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.Share

Related posts

උගන්ඩාවට රිලවුන් යවා සඟවා අති ධනය ගේන්න

Admin

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

colombotoday

හිටපු ජනාධිපතිනියගේ ඔළුව හොදටම විකාර වෙලා.. ගෞරවයක් දී පැත්තකට කර තැබිය යුතුයි

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතවෙයි

colombotoday