Colombo Today Local News

ගෝඨාභයගේ 2020 ප්‍රතිපත්ති ප්‍රකාශය සූදානම් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සකස් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කටයුතු අවසන් අදියරට ළඟා වී ඇතැයි ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

පසුගිය වසර දෙක තිස්සේ කරන ලද විධිමත් සමීක්ෂණයකින් පසුව හඳුනාගත් ක්ෂේත්‍ර 29ක් ආවරණය වන ලෙස මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනය කෙරේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරැන් ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් ඊට දායකව සිටී.

රටේ නිෂ්පාදන ආර්ථිකය දිරිගැන්වීම, උතුරට දකුණට සමාන්තර සංවර්ධන ප්‍රතිලාභ, ලොව පිළිගත් දියුණු තාක්ෂණ ක්‍රම ඔස්සේ නව ප්‍රවාහන හා නාගරික සංවර්ධන සැලසුමක් දියත් කිරීම, ජාතික ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කෙරෙන විනයගරුක සමාජයක් ගොඩනැංවීම, දිළිඳු ජනතාවගේ ආර්ථිකය පොහොසත් කෙරෙන විශේෂ සරල ව්‍යාපෘති 200ක් හඳුන්වා දීම, ජනමාධ්‍යයට නිදහස් ප්‍රවේශයක් හඳුන්වා දීම, ණය බරින් පීඩා විඳින ජාතික ආර්ථිකය ගොඩනංවා ණය බර සැහැල්ලු කිරීම යන කරුණු සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුඛ්‍යස්ථානයන් හිමිවෙයි.

අලුතින් පත්වන ආණ්ඩුවට නව මුහුණුවරක් දීම සඳහා රජයේ තනතුරු සඳහා සුදුස්සන් පමණක් පත් කිරීම පිළිබඳ ප්‍රතිඥාවද මෙවර ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් තහවුරු කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.‍

දේශය

Related posts

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

ශ්‍රී ලංකන් යානා 4ක් පාකිස්ථානයට – මත්තල ගුවන්තොටුපළ චීනයට !

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වෙන්න – ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක්

Admin

ඖෂධ මිල පාලන ගැසට් පත්‍රය සිකුරාදා

colombotoday