Colombo Today Local News

ගුරුකන්ද විහාර භූමිය බැකෝ කරයි – ආරක්ෂාවට සිටි තරුණයාට මරා වල දමන බවට තර්ජන (Video)

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති භූමිය කිසියම් පිරිසක් විසින් ඊයේ (10) උදෑසන බැකෝ යන්ත්‍ර යොදාගනිමින් විනාශකර තිබේ.

මෙම පිරිස සදහන් කර ඇත්තේ පස් ලබාගැනීම සදහා මෙම භූමිය යොදා ගන්නා බවයි.  මෙම පස් කැපීම සදහා ප්‍රදේශීය සභාව මගින් අවසර පත්‍රයක් නිකුත් කර තිබෙන බව එම පස් කැපීමේ නිරත පිරිස් පවසයි. නමුත් මෙම භූමිය අයත්ව තිබෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වන අතර  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පස් කැපීම සදහා කිසිදු අවසරයක් ලබාදී නොමැත.

මීට පෙරද මෙම ස්ථානයෙන් මාර්ග තැනීම සදහා පස් කැපීමට සූදානම් වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එන වලක්වන ලදී.

මෙම සිදුවීම පිළිබදව විමසීමට එම ස්ථානයට ගිය ගුරුකන්ද විහාරස්ථානයේ ආරක්ෂාවට සිටින තරුණයාහට අදාල පස් කපන බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු යැයි පවසන පුද්ගලයෙකු විසින් එම තරුණයාව මරා වල දමන බවට තර්ජනය කර තිබේ.

මෙම තර්ජනය කිරීම් සිදුවන ආකාරය වීඩියෝව පහතින් දැක්වේ.

https://www.facebook.com/kalum.bandara.75/videos/2514427705342859/
https://www.facebook.com/kalum.bandara.75/videos/2514411862011110/
https://www.facebook.com/kalum.bandara.75/videos/2515517418567221/

Related posts

නවම් පොහෝ දිනයේ, වැලිකඩ සිරකරුවෝ ඥාණසාර හිමි සමගින් බුද්ධානුස්සතිය වඩති!

colombotoday

“රට බෙදීමට, ෆෙඩරල් යෝජනාවට අපි විරුද්ධයි” අලුත් දෙමළ පෙරමුණේ මතය සංගරි හෙළි කරයි

colombotoday

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

colombotoday

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි…

colombotoday

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin