Colombo Today Local News

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටිි අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටි කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති රවින්ද්‍ර උදේශාන්ත දොඩම්පේගම මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (03) වරෙන්තු නිකුත් කරන ලදී.

මෙම නඩුව අද කැදවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි රවීන්ද්‍ර උදේශාන්ත මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියේ නැත. මේ හේතුවෙන් සාක්ෂිකාර දොඩම්පේගම මහතා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 21 වනදා කැදවීමට තීරණය කළේය.

2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජුනි මස 02 වන දා අතර කාලසීමාව තුල කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ බිරිඳගේ ඥාති සොහොයුරෙකු වූ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

Related posts

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

“ගෝඨා ගැන කියන කතා බොරු…” හිටපු ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday