Colombo Today Local News

කොරෝනා වෛරස් නිරෝදායනයට මඩකලපුවේ වෙනම දූපතක් වෙන් කිරීමට යෝජනාවක් !

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කරන්නේ නම් ඒ සඳහා මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මීට පෙරද මෙම දූපත ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇති බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු කොරියාවේ සිට පැමිණෙන පිරිස නිරෝධායනය කළ යුතු යැයි සෞඛ්‍ය අංශ දැන් සඳහන් කර ඇති නිසා ඊට සුදුසුම ස්ථානය මෙම දූපත බවද ඔහු සඳහන් කළේය.

මෙම දුපත සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන නිසා එම කටයුත්ත පහසුවෙන් කළ හැකි යැයිද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

ඌවේ දෙමළ පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරනවා ! – සෙන්දිල් තොණ්ඩමාන්

colombotoday

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

colombotoday