Colombo Today Local News

කොරෝනා දෙවැනි රැල්ලෙන් රට බේරාගන්න ගෝටාභයට බෑ.. එජාපය දිනවා මා අගමැති කර රැල්ලෙන් බේරෙන්න- රනිල්

කොරෝනා පළමු රැල්ල පාලනය කර ගැනීම සඳහා වත්මන් රජයට තම පක්ෂය ද සහයෝගය දුන් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

නමුත් දෙවැනි කොරෝනා රැල්ලකට මුහුණ දීමට ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් නැති බවද ඔහු පවසයි.

එනිසා ඉන් ආරක්ෂා වීම සඳහා වැඩපිළිවෙළක් ඇති එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය එන මැතිවරණයේදී ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

කොරෝනා දෙවැනි රැල්ලෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තම පක්ෂය සතුව ඇතැයි ද ඔහු කියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවැනි කොරෝනා රැල්ලක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බවත් රටවල් කිහිපයක දෙවන රැල්ලක් ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කතානායකට

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට කැඳවීමක්

Admin

ගුවන්තොටේ බෝම්බ තොරතුරක්,සැකකරුවන් අත්අඩංගුවට

Admin

රන්වල ආචාර්ය උපාධිය ගේනකල් තමයි අපිත් බලන් ඉන්නේ

Admin