Colombo Today Local News

කොටින්ගෙනුත් බේරුණු පුරාවස්තුවලට අත්තවාදීන් අත තබයි… ත‍්‍රි’මලේ, යාන්ඔය, මුලතිවු පුරා විද්‍යා නටඹුන් ඩෝසර් කරයි..

ජාතික නිදහස් පෙරමුණ නියෝජිත පිරිසක් දැනට අවධානම් තත්වයක පවතින වව්නියාව නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි නොහොත් වඩිනාගල පුරාවිද්‍ය ස්ථානය හා මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කුරුදුමලෙයි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍ය ස්ථාන නිරීක්ෂණය කිරීම ඊයේ (03) දින සිදු විය.

ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා, පද්ම උදයශාන්ත මහතා, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාව වෙනුවෙන් සහභගී වී සිටියහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා කියා සිටියේ,

‘මම ඉතා වගකීමෙන් කියනවා ලංකාවේ පොදු නීතියක් තියනවා එය සිංහල , දෙමළ , මුස්ලිම් කියලා භේදයක් නෑ අපේ රටේ අවුරුදු 2500 කට එහා උරුමකම් කියන සමස්ත ජාතියටම උරුමකම් කියන ජාතික උරුමයන් තමයි මේ වැනසෙන්න යන්නේ.

‘අපි ගියා ත්‍රීකුණා මලයේ ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරලා යාන් ඔය දාගැබ ඩෝසර් කරලා ඒ වගේම මුලතිව් කුරුදුමලේ රාජමහා විහාරය තිබුනු තැනට ගියා එතනත් විනාශ කරලා මේවා යුද සමයේදී කොටි සංවිධානයෙන්වත් විනාශ නොවූ ස්ථාන නමුත් අද වෙනත් අන්තවාදීකණ්ඩායම් විසින් මේවා විනාශ කරනවා.

අපි ඉල්ලන්නේ මේ රටේ සියලු වර්ගයාට අයත් මේ භූමියේ වටිනාකම් අපේ සියලු දරුවන්ට ලැබිය යතුයි මේ නිසා අපි මේ රජයට වගකීමෙන් කියන්නේ ජනාධිපතිතුමනි , අගමැති තුමනි ,බුද්ධශාෂන අමාත්‍ය තුමනි මේ ගැන ඇස් ඇරල බලන්න මේ උරුමයන් විනාශ නොකර සංරක්ෂණය කරන්න,

මේ උරුමයන් නැතිවුනොත් නැතිවෙන්නේ අප කාගෙත් ඉතිහාසය මේ නිසා මේ ගැටු සිංහල දෙමළ ගැටුමක් නොකොට වර්ගවාදී යුද්දය නිමා වූ මොහොතක මේ පුරාවිද්‍යා උරුමයන් රැකගත යතුයි’ යනුවෙනි.

Related posts

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට පාලක පක්ෂයේම මන්ත්‍රිවරයෙකුගෙන් ප්‍රහාරයක්

colombotoday

රතන හිමිට ගම්මන්පිලගෙන් පැසසුම් !

colombotoday

පළාත්සභා මන්ත්‍රී හා බිරිද පුද්ගලයෙකුට බිම දමාගෙන පහරදෙයි.. මහපාරේ පිස්තෝලය අරන් යකා නටයි [Video]

colombotoday

එජනිස මැතිවරණ ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ සම්පත් තිලංග සුමතිපාල අවභාවිතා කරයි

colombotoday

ශාසනාරක්ෂක සභාව සමග බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයට (Video)

colombotoday

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

colombotoday