Colombo Today Local News

කුවේට් සිට පැමිණි 113 කට කොරෝනා. ගෙන්වාගත් සිසුන් කිසිවෙක්ට කොරෝනා නෑ. මැද පෙරදිගින් මගීන් රැගෙන ඒම නවතා දමයි.

කුවේට් සිට මෙරටට පැමිණි ලාංකිකයන් අතරින් 113 දෙනකුට කොවිඩ් වැලඳීමත් සමග මැද පෙරදිග කලාපයෙන් මෙරටට ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටවූ බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසු බව අරුණ පුවත්පත වාර්තා කර සිටියි.

මේ අනුව අද (26) කටාර් රා​ජ්‍යයේ සිට රැගෙන ඒමට සිටි ශ්‍රී ලාංකිකයන් 275ක් මෙරටට රැගෙන ඒම තාවකාලිකව අත්හිටවූ බවද හෙතෙම සඳහන් කළේය.

රටවල් විස්සකින් මේ වන විට 5485 දෙනකු රැගෙන ආ බවත් කුවේට්හි සිට රැගෙන ආ 462 දෙනාගෙන් 120ක්ම කොවිඩ් ආසාදිතයන් වූ බවත් හෙමෙ පැවසීය. ඩුබායි සිට රැගෙන ආ 19 දෙනකුත් කොවිඩ් ආසාදිතයන් වූ බවත් අනෙක් රටවල් 18න්ම පැමිණි පුද්ගලන්ගෙන් හමුවූයේ ආසාදිතයන් පස් දෙනකු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

බලාපොරොත්තු නොවූ පරිදි එක්වරම රෝගීන් වැඩිවීම නිසා සෞඛ්‍ය පහසුකම් ඇතුළු කටයුතු කළමනාකරණය කරන ​ තෙක් මැද පරෙදිග කලාපයෙන් මගීන් රැගෙන ඒම තාවකාලිකව නවතා දැමූ බවත් බෙලරුස්හි සිටින අධ්‍යාපන කටයුතු සඳහා ගිය ලාංකික සිසුන් පමණක් රැගෙන එන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වනතුරුත් රටවල් ගණනකින් සිසුන් රැගෙන ආවද එකම සිසුවෙකුවත් කොවිඩ් ආසාදනය ​නොවූ බව අද්මිරාල් ජයනාත් කොළඹගේ පෙන්වා දුන්නේය.

Related posts

සංවිධායකකමෙන් නෙරපූ ජනකගෙන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීට අභියෝගයක් !

colombotoday

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

මගුලකට බලෙන් පැන, කා බී කාන්තාවන්ගේ අගපසග මිරිකන්න ගිහින් පදමට ගුටි කෑ තෙවරප්පෙරුම ඇමති දැන් කියන කතාව

colombotoday

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday

අද ගෑස් බෙදා හරින මධ්‍යස්ථාන මෙන්න

colombotoday