Colombo Today Local News

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයට අයත් ජුම්මා පල්ලිය පිටුපස ප‍්‍රදේශයේ පිහිටා තිබු අඩි 40 පමණ ගැඹුර ඇති ජලය පිරි ගල්වළක තිබී කඩු 15ක් සහ මන්නා පිහි 10ක් සොයා ගෙන ඇත’

මේ සම්බන්ධයෙන් සැකපිට ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් 06දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ’

පසුගිය 11 වැනිදා පෙරවරු 8’00 ට පමණ පොලිසිය” යුදහමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම කඩු සහ මන්නා පිහි සමග මුස්ලිම් ජාතික සැකකරුවන් 06 දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ’ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 200දෙනකුට අධික පිරිසක් සමග යුදහමුදා හා නාවික හමුදා නිලධාරීන් එක්ව තිබේ’ ඔවූහු තෙලියාගොන්න ප‍්‍රදේශය පුරාම විශේෂ මෙහෙයුමක් කළහ’ නාවික හමුදාවේ පිහිනුම්කරුවන් යොදා ගෙන අඩි 40ක් පමණ ගැඹුර ඇති ජලය පිරී තිබූ ගල්වළ තුළ සඟවා තිබූ කඩු සහ මන්නා පිහි තොගය සොයාගෙන තිබේ’

පල්ලිය පරීක්ෂා කිරීමේදී සැකකටයුතු කිසිවක් හමුනොවූ අතර සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් 06 දෙනා රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප‍්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි’

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු මෙදින මෙම මෙහෙයුම සිදුකළහ’

Related posts

අමිල ප්‍රියංග පැහැරගැණීමේ සිද්දිධිය ගැන හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි

Admin

දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ

colombotoday

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

colombotoday

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

Admin

සඳුදාට පෙර වැඩ අරඹන්න.. දිවුරුම් දුන් ඇමතිවරුන්ට දැනුම් දීමක්

colombotoday

ඔක්කොම දෙන්නම් කියද්දීත් පෙළපාලි ආවේ පෙරටුගාමීන් වෙනුවෙන් කොක්කක් ඇදගන්න

colombotoday