Colombo Today Local News

කළුගඟේ මැණික් නිධානය රකින්න STF යොදවයි…

දකුණු ආසියාවේ විශාලතම මැණික් සංචිතය ඇතැයි කියන කිරිඇල්ල ප්‍රදේශයේ කළු ගඟේ “මැණික් නිධානය” නම්වූ ස්ථානය දේශපාලන බලය යොදා ගොඩදැමීම වැළැක්වීමට පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ කණ්ඩායම් යොදවන්නැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නියෝග කර ඇත.

ජාවාරම පිටුපස මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පිරිසකුත්…

“මැණික් නිධානය” නමැති මෙම ස්ථානයේ අනවසර ලෙස මැණික් ගැරීමට ගිය ප්‍රබල දේශපාලනඥයකුගේ කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම්වලට එල්ල වූ බලපෑම ගැන වහාම සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාට නියෝග කර ඇත. ආරක්ෂක ලේකම්වරයා මෙම පියවර ගෙන ඇත්තේ එම නියෝගයට අනුවය.

රජයට අයිතිය ඇති භූමියක පිහිටි එම මැණික් නිධිය නීති විරෝධී ලෙස ගොඩගැනීමට කිසිවකුට ඉඩ නොදෙන්නැයි ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දී තිබේ. මේ අනුව ආරක්ෂක ලේකම්වරයා වැ. බ. පොලිස්පති චන්දන වික්‍රමරත්නට දුන් නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකා සේනාධිනායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විශේෂ යතුරුපැදි ප්‍රහාරක කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර තිබේ.

මෙම ජාවාරම පසුපස ප්‍රබල දේශපාලනඥයින් දෙදෙනකු හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ද සිටින බවට බුද්ධි අංශ මගින් ආරක්ෂක අමාත්‍යංශයට වාර්තාවක් ලබාදී ඇත.

Related posts

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

colombotoday

රන්-මැණික් සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා අල්ලයි

Admin

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

Admin

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

colombotoday