World

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය සලකනු ලැබුවේ තවත් එක් රියැලිටි වැඩසටහනක් ආකාරයෙන් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා චෝදනා කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂ සමුළුවකදීයි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට ජනාධිපති ධූරයේ කටයුතු නිසි පරිදි සිදු කළ නොහැකි වූයේ ඔහු ඒ සඳහා නිසි පරිදි පරිණත වී නොසිටීම හේතුවෙන් බවට ද බරක් ඔබාමා ප‍්‍රකාශ කර තිබේ.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් කිසිවිටෙකත් ජනාධිපති ධූරයේ බලය තමන්ගේ සහ සිය හිත මිතුරන්ගේ යහපත උදෙසා මිස රටේ යහපත උදෙසා භාවිත නොකළ බවයි අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා වැඩිදුරටත් චෝදනා කර සිටියේ.

කෙසේ වෙතත්, රිපබ්ලිකන් පක්ෂ සමුළුවේදී අමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබුණේ, තමාව ජනාධිපතිවරයා බවට පත් කිරීමට ජනතාව ඡන්දය භාවිත කළේ බරක් ඔබාමා සිය රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් බවයි.

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජෝ බයිඞ්න් ඊයේ නිල වශයෙන් නම් කළා. ඒ අනුව ලබන නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේදී වත්මන් අමෙරිකානු ජනපති වන, රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදියා වන්නේ ද ජෝ බයිඞ්න්.

ඔහු අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තුන්වන අවස්ථාව මෙය වුව ද ඩිමොක‍්‍රටික් ප‍්‍රධාන අපේක්ෂකයා වශයෙන් ඔහුට මෙවර වැඩි අවධානයක් හිමිවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

Related posts

හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන දහස ඉක්මවයි

colombotoday

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

colombotoday

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.

colombotoday

අමෙරිකාව විදෙස් සංචාරකයින්ට දේශසීමා විවෘත කරයි

colombotoday

ඇබ්බැහි වීම පාලනයට සෑම දිනකම වේලාවක්

colombotoday