Colombo Today Local News

එජාපයේ සියලූ තනතුරු වෙනස්වෙයි. නව නායක රුවන්. උත්තරීතර නායක රනිල්.

එක්සත් ජාතික පක්‍ෂයෙහි නායකත්වය පක්‍ෂයේ තරුණ නායකයකු වෙත පවරාදීමට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන සහ නවීන් දිසානායක මහත්වරු පුද්ගලිකව මුණගැසී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී නවීන් දිසානායක මහතා පවසා ඇත්තේ රුවන් විජයවර්ධන මහතා එජාප නායකත්වය භාරගැනීම සඳහා සූදානම් වන්නේ නම් තමන්ගේ සහාය ඒ සඳහා ලබාදීමට සූදානම් බවය.
 
 යම් හෙයකින් රුවන් විජයවර්ධන මහතා ඒ සඳහා කැමැත්තක් පළ නොකරන්නේ නම් තමන් ඒ සඳහා සූදානම් බවත් රුවන් විජයවර්ධන මහතාගේ සහාය තමාට ලබාදෙන ලෙස නවීන් දිසානායක මහතා ඉල්ලා තිබේ. එම සාකච්ඡාව අනුව මේ දෙදෙනාගෙන් එක් අයකු පක්‍ෂ නායකත්වය සඳහා පත්වන්නේ නම් අනික් තැනැත්තා පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්වනු ඇත.
 
 එජාපය විසින් නව නායකයා තේරීම සඳහා වන කමිටුවක් පත්කර ඇති අතර එහි නායකත්වය සහ උපදේශකත්වය ලැබී ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙතය. පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර, සාගල රත්නායක යන මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

Related posts

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වෙයි

Admin

වටවල පාසලක හදිසියේ ලෙඩ වුණු ළමුන් 12ක් රෝහල් ගත කරයි

colombotoday

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැති

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday