Colombo Today Local News

එජාපයේ නොවිසඳුණු ගැටළුවලට විසඳුම් සොයන තවත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (14)දින පැවැත්වේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරු 03.00 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව වාර්තා වේ.

නායකත්වය තෝරාපත් කරගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Related posts

සිංහල රටේ සිංහලයෙකුනම් රට ගැන හිතපන්.. සේනාධිපතිගෙන් සිරස මාධ්‍යවේදීන්ට සැර පහරක්

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday

මැ.කෝ ගේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Admin

මුදල් ඇමතිගෙන් එජාප මන්ත්‍රීන් 40කට අධීක්ෂණ තනතුරු.. සැප වාහන ඇතුළු තවත් දීමනා !

colombotoday

කොරෝනා මළ සිරුරු වැළලුවොත් ජීවත්වන අයට අවසාන විනිශ්චය ලැබේවි

colombotoday

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

colombotoday