Colombo Today Local News

එජාප සන්ධානයේ නම – ලකුණ අද

නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය අද (10 ) රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වී​මේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (9 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

‘‘මෙතෙක් නව සන්ධානය පිළිබඳ සාකච්ඡා නොවූ කරුණු කාරණා සම්බන්ධයෙන් සහ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට අද (10 වැනිදා) පැමිණෙනවා.

එමෙන්ම නව සන්ධානය පිහිටුවිය යුතුයි යන්න සම්බන්ධයෙන් සියලු දෙනා එකඟතාව පළ කර තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී ආසන 113 ලබාගැනීමේ අරමුණින් අප තරග කරනවා. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ අය විවිධ මත දැරුවද සියලු දෙනා සිටින්නේ එකම දේශපාලන ප්‍රතිපත්තියකයි.

මහ මැතිවරණයට තරග කරන්නේ විපක්ෂයේ සිටීමට නොවෙයි ආණ්ඩු බලය ලබාගැනීමටයි. බහුතරය ලබාගෙන සජිත් ප්‍රේමදාස අගමැති වූ පසු ජනාධිපතිවරයා කවුරු වුණත් අප පක්ෂයට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. එලෙස බහුතර බලය ලබාගන්නා පුද්ගලයා සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වැඩ කිරීමට සිදුවෙනවා.

එමෙන්ම පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැසවීම ඇතැම් මන්ත්‍රීවරුන් වර්ජනය කළා. එහෙත් අද (10 ) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය නොකරනු ඇතැයි මා විශ්වාස කරනවා.

Related posts

විදේශ නායකයන් සමග මිතුරු වී කොටි පරාජය කිරීමේ ජාත්‍යන්තර යුද්ධයේයි අද මා ඉන්නේ

colombotoday

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday

ගෝඨාභයට මඩ ගහන්න ගිය මරික්කර්ට මාධ්‍යවේදියෙකුගෙන් පාඩමක්

colombotoday

කුවේට් ගිය ගෘහ සේවිකාවගේ ගෙල කැපු මළ සිරුර ශ්‍රී ලංකාවට

colombotoday

පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

colombotoday

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

Admin