Colombo Today Local News

එක පිට එක ඇණකොන්ඩා… කැම්පේන් එක අල කරනවා කියා හෙළිදරව් ඇමතිට සජිත් පිළෙන් දොස් !

රාජපක්ෂ සමයේ සිදු කළැයි කියන මහා පරිමාණ වංචා දූෂණ, අපරාද ඇසින් දුටු සේ පණ පිහිටුවා හෙළිදරව් කිරීමට ප්‍රසිද්ධ ඇමතිතුමෙකු මේ දිනවල එජාප යේ සජිත් පිළේ උදහසට ලක්ව තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

ඇමතිවරයා දින කිහිපයකට එපිටදී, රාජපක්ෂ සමයේ සිදු වූ බව ට චෝදනා කෙරෙන අපරාධයකට සම්බන්ධ පුද්ගලයන් යැයි හදුන්වමින් දෙදෙනෙකු සමග මාධ්‍ය හමුවේ පෙනී සිිටි අතර, එම සිදුවීම මේ වන විට සමාජ ජාලාවල දැඩි ලෙස උසුළු විසුළුවලට ලක්ව තිබෙනවා.

පසුගිය වසර කිහිපය පුරා එජාප වේදිකාවේ රාජපක්ෂවරුන්ට එරෙහිව ගොඩනැගූ චෝදනා මෙලෙස විහිළුවට ලක්වන තැනට වැඩකටයුතු සිදුවීම සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට දැඩි ලෙස හානිකර බවයි එම පිළේ අදහස වී ඇත්තේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ, ඉන්දියානු මැතිවරණ ප්‍රචාරණ විශේෂඥයන්ද දන්වා ඇත්තේ, මෙම ඉදිරිපත් කිරීම් මීට වඩා තාත්වික ආකාරයෙන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්නා ලෙසයි.

මෙම වාතාවරණය හමුවේ ඇමතිවරයා විසින් සිදු කිරීමට ගිය තවත් මහා පරිමාණ හෙළිදරව්වක මාධ්‍ය හමුවක් අවලංගු කර දැමීමට කටයුතු කර ඇති බවද ආරංචිමාර්ග සැලකර සිටී.

Related posts

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

මවගේ මළගමට පැමිණ ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සොහොයුරන් දෙදෙනා මරුට – තවත් අයෙක් රෝහලේ

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ නීතිඥභාවය අත්හිටුවන ලෙස බොදු බල සේනා අගවිනිසුරුගෙන් ඉල්ලයි

colombotoday

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday