Colombo Today Local News

ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්

ඉරිදා  සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් සහ හින්දු ආගමික අමාත්‍යවරුන්  එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කොළඹදී පැවැසීය.

ශිෂ්‍යත්වය, අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාග සඳහා දහම් පාසල් සහතිකය මගින් ලකුණු හිමි වන පරිදි  කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා සිදුකර ඇති බව පැවසූ ජයවික‍්‍රම පෙරේරා  මහතා ඒ අනුව ඉහත විභාගයන් සඳහා ලකුණු 10 බැගින් ප‍්‍රදානය කරන බවද සඳහන් කළේය.

ඉරිදා දිනවල පස්වරු දෙක දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට  මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Admin

අප්‍රිකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවලට අලුත් මාවතක්: බිල් ගේට්ස්ගේ දශක 2ක දායකත්වය

Admin

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ හුදකලා කෙරේ

colombotoday

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

රැඳවියන් බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin